හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයෙන් දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.
2006 වර්ෂයේ දී නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව, පසුගිය 08 වැනි දා මඩකලපුවේ දී ඔහු අත්අඩංගුවට පත්විය.