21.5 C
Sri Lanka
Monday, March 17, 2025

සාමාන්‍ය පෙළ විභාග අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්!

2025 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කළ සිසුන්ට ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා ගැනීම සඳහා විශේෂ දිනයක් ලබා දී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් හට ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වැනි සෙනසුරාදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වයි.

අදාල ලිපිය www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද පහසුකම් ලබා දී තිබෙන බව ද දැනුම් දෙයි.

මේ වනතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම්, ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද නිසි ලෙස සම්පූර්ණ කළ ඉල්ලුම්පත ද රැගෙන පැමිණිය යුතු ය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වර්ෂයේ මාර්තු මස 17 දා සිට පැවැත්වීමට නියමිත ය.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles