23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

අක්මීමන ‍වෙඩිතැබීමක් – හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු මරුට

අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ සිරිදත් ධම්මික නමැත්තෙකි.

මෙම වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධ බවට පොලිසිය මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles