2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රී 12.00න් පසු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා තිබේ.
මෙම නීතිය උල්ලංඝණය කරන උපකාරක පන්ති ගුරුවරුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා ආරම්භ වී මාර්තු 26 වැනිදායින් අවසන්වීමට නියමිතයි.
(චම්ලි බලල්ල)