21.5 C
Sri Lanka
Monday, March 17, 2025

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන වනවිට යළි යථාතත්ත්වයට පත්කර තිබේ.

එම දුම්රිය නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (09)දින පස්වරු 6.00 ට පමණ පීලිපැනීමකට ලක් වී ඇත.

ඒ හේතුවෙන් ඊයේ (09) දින රාත්‍රියේ කොළඔ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානයේත්, බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයෙත් අද(10) දින උදෑසන වන තෙක් නතර කර තැබීමට සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.

ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම පීලිපැන අඩි 270 ක් පමණ ඉදිරියට ඇදී ගොස් දුම්රිය මාර්ගය අබියස වූ කන්දක ගැටී දුම්රිය එන්ජිම නතර වී තිබූ බවයි නිලධාරීන් සඳහන්  කර තිබේ.

පීලිපැනීමෛන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හාන් සිදු වී තිබු බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය නිලධාරින් වැඩි දුරටත් පවසන්නේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles