21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ජනපති අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්වුණා.

මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කරගත යුතු සම්පූර්ණ බදු ආදායම අය කර ගැනීමට කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles