23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ව්‍යාජ අංක තහඩු යෙදූ වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

තීරූබදු නොගෙවා මෙරටට ආනයනය කර ව්‍යාජ අංක තහඩු සවිකළ වාහන 2ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 වැනි දා එලෙස ආනයනය කළ ජීප් රථයක් හා මෝටර් රථයක් පැල්මඩුල්ල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගත් බවය.

අදාළ වාහන සන්තකයේ තබා ගැනීම, තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වීම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, 49,59, හා 61 හැවිරිදි ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles