23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

දේවගැති ජෙරොම්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරිමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (05) නියෝග කර තිබේ.

ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක වීසා අවලංගු වී ඇති බැවින් වීසා අලුත් කිරීමට සහ ආගමික වැඩසටහන් පැවැත්වීමට එම විදේශ රටවලට යා යුතු බව සඳහන් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල මේ ඉල්ලීම සිදු කර තිබුණා.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles