23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරු කොළඹට

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට කැඳවා තිබේ.

ඒ අනුව ලබන සෙනසුරාදා ඔවුන් සමග මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සැලසුම් කිරීම හා ඒ සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලු පිළිබඳව තේරීම්භාර නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles