නීති විරෝධිව මෙරටට රැගෙන එන ලද, සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා විටමින් අඩංගු, රුපියල් ලක්ෂ 18ක් වටිනා කිරිපිටි ටින් 179ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අද (05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා උදෑසන මැලේසියාවේ සිට මෙරටට පැමිණි ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි සඳහන් වෙන්නේ.
මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව එම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
(චම්ලි බලල්ල)