23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

 මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර  තැපෑලට යොමු කර ඇති බව  විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බවය.

ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10 වැනි දා ට පෙර Online ඔස්සේ එම පහසුකම සලසා ඇති බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

WWW.DONETS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබා ගත හැකි වේ.

මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙන්නේ, සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසයි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles