ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
අද (04) පෙරුවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සමබන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
අදාළ ගැටලුව හේතුවෙන් පසුගිය දින දෙක තුළ ඉන්ධන ඇණවුම් කිරීම ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් නතර කර තිබු අතර එය ඊයේ (03) රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට එම සංගමය තීරණය කරනු ලැබීය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම යළි ලැබෙතැයි විශ්වාසක් නොමැති බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක සඳහන් කළේය.
(චම්ලි බලල්ල)