21.5 C
Sri Lanka
Monday, March 17, 2025

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට අධිකරණ නියෝගයක්

අද (04) දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරීන් පිරිසක් පොල්දූව මංසන්ධියේදී පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට අධිකරණයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව ලද බුද්ධි තොරතුරක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇති බවය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිලාභී වශයෙන් කටයුතු කරන සුදේශ් රූපසිංහ, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරන ධම්මික මුණසිංහ, අමන්දා ගමගේ, දිනුෂා ඒකනායක, පූර්ණිමා නදීෂා සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය ලබාදී ඇති බවය.

මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් හා රාජකාරී යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කර තිබෙන අතර, කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියලු වගඋත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවත්, කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles