කොරියාවේ ඊ එයිට් (E8) රැකියා වීසා ලබාදීමට අනුමැතිය හිමිවී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නුදුරේදීම එය ක්‍රියාවට නංවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධාන කරන විශේෂ මහජන දිනය වැඩසටහන අද (04) පෙරවරුවේදී ආරම්භ වුණි.
විදේශ රැකියා සම්බන්ධ විගමනික ප්‍රජාවගේ ගැටලු සෘජුව යොමුකර ඊට අදාළ විසඳුම් ලබාදීමයි එහි අරමුණ වේ.
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වුණි .
(චම්ලි බලල්ල)