21.5 C
Sri Lanka
Monday, March 17, 2025

යුක්‍රේනයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි තීරණයක්

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි මීට ටික වෙලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ෆොක්ස් පුවත් සේවය සඳහන් කළේ, මේ වනවිට යුක්‍රේනයේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය වන යුධ ආධාර ද මීට ඇතුළත් බවයි.

යුක්‍රේනය ජනාධිපතිවරයාට රුසියාව සමග යුද්ධය අවසන් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවට මීට පැය කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකශ කළේ ය.

ඊට හේතුවී ඇත්තේ, අමෙරිකාවේ සහයෝගය යුක්‍රේනයට හිමිවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා තුළ ඇති විශ්වාසය බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles