23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

ඉන්ධන බෙදාහැරීම අඩප​ණ කිරීම පිළිබඳ​ව CID විමර්ශනයක්

ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් හේතුවෙන් ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවය.

සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇති කර මහජන පීඩාවක් ඇති කරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය දැනුම් දෙයි.

අදාළ නිවේදනය පහතින්. 

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles