23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමට හිටපු හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 2ක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  ඊයේ (01)   අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ   අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක් බව ය.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේ දී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී දිනයක පැහැරගෙන ගොස් පහර දී තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර ද හමුදා සාමාජිකයන් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

වත්මන් රජය බලයට පැමිණිමෙන් පසු අදාළ පරීක්ෂණ යළි විධිමත් ලෙස සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles