23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නෑ

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

ඉන්ධන බෙදාහැරීමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා මෙතෙක් ලබාදුන් 3%ක කොමිස් මුදල ඊයේ සිට අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කිරීමත් සමග රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවය හැකි බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

ඒ හේතුවෙන් ජනතාව තම ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් ඉන්ධන එක්රැස් කරගන්නා අයුරු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පැවසුවේ අද (02) දිනයේ ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවය.

බස්නාහිර පළාතෙන් ඉන්ධන ඇණවුම් 500ක් පමණ මේ වනවිටත් ලැබී ඇති සඳවන් කළ සභාපතිවරයා පෙන්වා දුන්නේ කටකථාවලට හසු වී ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගැනීමෙන් ගැටළු ඇති විය හැකි බව ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles