21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව “ජාතික කාන්තා සතියක්”

මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් ජාතික කාන්තා සතියක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

ඒ අනුව, අද – 02 වැනි දා සිට සිට ලබන 08 වැනි දා දක්වා මෙම කාන්තා සතිය ක්‍රියාත්මක කෙරේ.

 “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන්න මෙවර කාන්තා දින ජාතික තේමාවයි.

එම සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මකයි.

කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම සහ ඔවුනට වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වෙනුවෙන් මාර්තු 05 සහ 06 යන දෙදින පුරා “ලිය ශක්ති” කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍යාංශය පවසයි.

මෙවර කාන්තා දින සැමරුම් උළෙල කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශනගේ අදහසකට අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල,  “සුහුරුපාය” ශ්‍රවණාගාරයෙදී පැවැත්වීමට නියමිත ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles