දළදා ප්‍රදර්ශනයට දින නියම කෙරේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය දා මහානායක මිහිවරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, ඒ වසර 16කට පසු වීම විශේෂත්වකි.
ඒ අනුව දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වැනි දා ආරම්භ කිරීමට නියමිත බව දිවවඩන නිළමේ නිලංග දෑල අද නිවේදනය කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මැදුරේ පැවැති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.
‘සිරි දළදා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ දී පුරා දින 10ක් පැවැත්වීවමට නියමිත ය.
දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5.30ට අවසන් කෙරෙන බවත්, අනතුරුව 19වැනි දා සිට 27වැනි දා දක්වා දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා ප්‍රදර්ශනය කෙරෙන බවත් දියවඩන නිලමේවරයා පැවැසීය.
දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී කාලයේ දන්සල් 2ක් පවත්වන බවත්, එමගින් 30,000 දෙනෙකුට පමණ ආහාර ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් දියවඩන නිලමේවරයා මෙහි දී මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.
එමෙන්ම මෙවර දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසරපත් කිසිවක් නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවද ඔහු පැවැසීය.
(ජනක බලල්ල)