21.5 C
Sri Lanka
Monday, March 17, 2025

රුපියල් බිලියනයක් වටිනා මත්පෙති තොගයක් මීගමුවෙන් කොටුවෙයි

රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීගමුව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රීයේ දී (01) අත්අඩංගුවට ගෙන ඇත.

මත්පෙති ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හා එහි රියදුරු මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මත්පෙති තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙරටට රැඟෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් වෑන් රථයේ තිබී හමු වූ මත්පෙති ප්‍රමාණය ලක්ෂ 05ක් පමණ බවත්, එහි වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බවත්, පොලිසිය පවසයි.

බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු, ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ එම වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවීම් නියෝග මත වැඩිදුර විමර්ශන ආරම්භ කරන බව පොලිසිය පවසයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles