21.5 C
Sri Lanka
Monday, March 17, 2025

බොලිවියාවේ බස් අනතුරකින් 37 දෙනෙක් මරුට

බොලිවියාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 37 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නොමැත.

මූලික විමර්ශන අනුව සැක කෙරෙන්නේ අධික වේගය අනතුරට හේතුවන්නට ඇති බවය.
අනතුරට ලක්වූ එක් බසයක ගමන් කරමින් සිට ඇත්තේ එරට සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළිය වෙත ගමන් කරමින් සිටි පිරිසක් බව වාර්තා වෙයි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles