මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා අද(02) ඇප මත නිදහස් කර ඇත.
ඊයේ(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණු මෙම සැකකරුවන් දෙදෙනා අද සවස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස නිදහස් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලට අනුව ඊයේ (01) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකි.
(ජනක බලල්ල)