21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ප්‍රමාද වූ පාස්පෝට් සියල්ල මාසයකින් ලබා දී අවසන් කරනවා

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන්බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත්කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව පළමුවරට පසුගිය 22 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන්බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

තවද ගුවන් ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පසු යාපනයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව පැවසූ ඇමැතිවරයා අවධාරණය කළේ දිවයින පුරා පිහිටි අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවල ගමන්බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles