රජය ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක් අද (18) ආරම්භ විය.
ශ්‍රී ලාංකිකයින්ගේ පොදු යහපත මෙන්ම රාජ්‍යයක් වශයෙන් නිසි සංවර්ධන ඉලක්කයන් තිරසාර අයුරින් පරිපූර්න කර ගැනීමට සමස්ත ප්‍රජාවගේ දායකත්වය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් ලබා දීමේ අරමුණු ඇතිව ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ තෝරාගත් පුහුණුකරුවන් සඳහා මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක බවය.
මෙම පුහුණු වැඩසටහනේ දෙවන දිනය හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත අතර එහිදී කාන්තා හා ළමා ආරක්ෂක නීතිය පිළිබඳව මූලික දැනුවත් කිරීම්ක්ද සිදු කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සුබවාදීව ඔප්නංවා ගැනීම වෙනුවෙන් පාලන තිරසාරභාවය පාරිසරික තිරසරභාවට හා ආර්ථික තිරසරභාවය යන අංශ උසස් කිරීමේ මූලික අරමුණු කරගත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වර්ථමානයයේ ඉතාමත් සාර්ථක අයුරින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන බවය.
(චම්ලි බලල්ල)