2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (18) මේ වන විට ආරම්භ වී තිබේ.
අද දිනයේ සිට ලබන 25 වන දින දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර පෙබරවාරි මස 25 වන දින පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා අයවැය විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරු 6ට පැවැත්වීමට නියමිතය.
2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකරනු ලැබීය.
(චම්ලි බලල්ල)