සෑම සතොස අලෙවිසැලකම ධීවර සංස්ථාවේ මත්ස්‍ය අලෙවි කුටියක් ඇතිකරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්නෙන් ධීවර සංස්ථාව ලබාගන්නේ 2% ක් බවත්, එය 25% ක් දක්වා වර්ධනය කිරීම රජයේ ඉලක්කය බවත් ධිවර නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමුපකාර දෙපාර්තමේන්තුවට අයත් කෝප්සිටිවල ද ලංකා ධීවර සංස්ථාවේ මත්ස්‍ය අලෙවි කුටියක් බැගින් ස්ථාපිත කිරිමට කටයුතු කරන බව ය.
(නායක බණ්ඩාර)