23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

නොරොච්චෝලේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර තිබේ.

ඒ අනුව ජනන යන්ත්‍ර 02 ක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බවය.

පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මකවීමෙන් එහි ජනන යන්ත්‍ර 03 ම අක්‍රීය වූ අතර එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් අහිමි වී තිබුණි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles