23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

රජරට සරසවියට නව කුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර තිබේ.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වා ඇත.

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත් වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොලගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ නිවේදනය පහතින්.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles