23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්ගේ ඇප පෙත්සම ඉල්ලා අස්කර ගැනේ

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

2014 වසරේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුට නඩු පවරා තිබූ බවය.

එම පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම මෙම සිද්ධියට අදාළ නඩුකරය පිළිබඳව 2015 වසරේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති අතර, ඊට අදාළව පෙත්සම්කරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් මහෙස්ත්‍රාත්වරයා වෙත ලබා දී ඇත.

මෙහිදී පෙත්සම්කාර ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සඳහන් කළේ, මෙම සිද්ධියට සම්බන්ධ නඩුකරය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හෙයින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර පතන බවත්, මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම සුදුසු අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles