21.5 C
Sri Lanka
Monday, March 17, 2025

ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වූ ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (13) උදෑසන දිවයිනට පැමිණියේය.

ඒ උදෑසන 08.25ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙනි.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක  ඩුබායි හි පැවැත්වූ 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතුවේය.

ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වූ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක  ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles