පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා අද (13) ගිණුම් වලට බැර කිරීමට නියමිතය.
සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, මෙලෙස රුපියල් 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දෙන බවය.
ඒ අනුව, අදාල ප්‍රතිලාභින්ට අද සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බවයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා තිබේ.
(චම්ලි බලල්ල)