සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.
මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් අලුතෙන් ඉදිකෙරෙමින් පවතින මහල් 13කින් සමන්විත වාට්ටු සංකීර්ණය සහ නව විකිරණ ඒකකය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නිරීක්ෂණයට ලක් වුණි.
එහි ඉදිකිරීම් කඩිනම් කර රෝගීන් වෙනුවෙන් විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශයෙන් වෙන්කර දීමටත් ,මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම යටතේ ඉදිකිරීම් කටයුතු කාර්යක්ෂම කිරීමටත් මෙහිදි අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි ,වැඩබලන රෝහල් අධ්‍යක්ෂ චන්දන විජේසිංහ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
(චම්ලි බලල්ල)