21.5 C
Sri Lanka
Monday, March 17, 2025

කථානායකවරයාගෙන් සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 14 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2423/04 යන 2025.02.10 දින කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එදින පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස කථානායකවරයා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දේ.

මෙදින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව ලැබීමට නියමිත තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතය.

එසේම එදිනම (14) මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතයි. සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles