23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

හිරුණිකා ප්‍රේමචන්ද්‍ගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

නඩුවකට පෙනී නොසිටීම හේතුවනේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (10) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මලි වරෙන්තුවක් නිකුත් කළාය.

පසුව මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන් වෙනුවෙන් නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව අදාළ වරෙන්තු ආපසු කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles