උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසා තිබේ.
ඒ අනුව එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය යොමු කිරීමට තීරණය කර ඇති බවයි සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම සාකච්ඡාවේදී උමා ඔය ව්‍යාපෘතියට ඉඩකඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදුන් පිරිසට සහන ලබා දීම, ව්‍යාපෘතිය ඉදිකිරීමේදි සිදුවූ ගිලා බැසීම්, පුපුරා යාම් නිසා හානි සිදුවූ නිවාස සඳහා වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත.
(චම්ලි බලල්ල)