21.5 C
Sri Lanka
Monday, March 17, 2025

සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන පෙරවරුවේ

සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී පැවැත්වේ.

මෙම වැඩසටහනට සමගාවීම බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124කදී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන උදෑසන 8.00 සිට 11.00 දක්වා පැවැත්වීමට නියමිතය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles