23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ඩයනා ගමගේට වරෙන්තු

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තු නිකුත්  කර තිබේ.  

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනාගමගේ මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි  මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කර ඇත.

එම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles