23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ලුණු මිල වැඩි කරයි

ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.

ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව සඳහන්ය.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60කින්ද මිල ඉහළ නංවා ඇත.

කෙසේවෙතත් මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බව හම්බන්තොට ලුණු සමාගම සඳහන්  කර තිබේ.

මාර්තු මාසයේදී හම්බන්තොට ලුණු ලේවායේ ලුණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවත් සභාපතිවරයා පැවසීය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles