21.5 C
Sri Lanka
Monday, March 17, 2025

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අදා​ල ප්‍රතිපත්ති සහ නියාමනයන් ගැන නිර්දේශ අදාල කමිටුවෙන් ඉල්ලා තිබෙනවා – අගමැතිනි

පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිර්දේශයන් ඒ සඳහා පිහිටුවා ඇති කමිටුවෙන් ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

ඒ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල මෙතෙක් පැහැදිලි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් තොරව ක්‍රියාත්මක වී ඇති බවයි අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කළේ.

මේ පිළිබඳ අධ්‍යයනයක් සිදුකර, රාජ්‍ය විශ්ව විද්‍යාල සමග ද සාකච්ඡා කර ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා වාර්තාවක් තමන් විසින් මේ සඳහා පත්කර ඇති කමිටුවෙන් ඉල්ලා ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර  තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles