21.5 C
Sri Lanka
Monday, March 17, 2025

රට ලුණු අද සිට වෙළෙඳපොළේ

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම  පවසයි.

ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දන තිලක සඳහන්  කළේය.

මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිම සිදුකළේය.

එලෙස ආනයනය කරන ලද ලුණු අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

ලුණු මිල ඉහළ දැමීම තාවකාලිකව සිදුවන බවත් මාර්තු මාසයෙන් පසු යළි පැවති මිලටම ගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles