17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ඉතාලියේ රැකියා වීසා ප්‍රශ්නය අවසන් කිරීමට සාකච්ඡා

දැනට අත්හිටුවා ඇති රැකියා වීසා ලබා දීම ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් එකඟතාව පලකර තිබේ.

තවද, ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම කඩිනමින් අවසන් කිරීමට ද ඔහු එකඟ වී ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරය සමඟ ඉකුත් දා කළ සාකච්ඡාවක දී මෙම ඒකඟතාවලට එළැඹ තිබේ.

ඉතාලි රාජ්‍ය යේ රැකියා වීසා ලබා දීම රටවල් කිහිපයකට තාවකාලිකව නවතා විමර්ශනයකට ලක්කර ඇති බවත්, එය තාවකාලික පියවරක් බවත්, මෙහි දී තානාපතිවරයා පෙන්වා දී ඇත.

මෙරට රියදුරු බලපත්‍රය ඉතාලියේ භාවිත කිරීම පිළිබඳ දැනට ප්‍රමාද වී ඇති ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටිනු ලබමින් ඇති බවත්, එය නුදුරේදීම අවසන් කිරීමට සෑම සහයක්ම ලබා දෙන බවත්, ඉතාලි තානාපතිවරයා මෙහි දී එකඟ වී ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති අතර, දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර දේශපාලන උපදේශන මට්ටමේ සාකච්ඡා අවසන් කර ඇති ගිවිසුම් නුදුරේදීම අත්සන් කිරීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වී ඇත.

එමෙන්ම සංක්‍රමණික සහ සංචරණ සබඳතාවයක් පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් දෙරට අතර සාකච්ඡා කර අවසන් බැවින් එය ද නුදුරේදීම අත්සන් කිරීමට මෙම සාකච්ඡාව දී එකඟතාව පළවී ඇත.

ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර, මේ වනවිට ඉතාලිය ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ අතරින් පස්වැනි ස්ථානය දිනාගෙන බව ද
ඉතාලි තානාපතිවරයා පෙන්වා දී තිබේ.

දැනට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් ජීවත් වන බවත්,  2024 වර්ෂයේ ඉතාලි සංචාරකයන් 38709ක් පමණ ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බවත්, සාකච්ඡාවේ දී පෙනී ගොස් ඇත.  

(ජනක බලල්ල)

More news>>>

Latest Articles