23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

40වැනි ලෝක විවහක රූ රැජිණ – 2වැනි ස්ථානය ඉෂාදි අමන්දා ට

40වැනි ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සමත්ව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවැති මෙම තරගයේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ඇත්තේ දකුණු අප්‍රිකාවේ Tshego Gaelae ය.

එහි දෙවන අනුශූරිය ලෙසින් තේරී පත්ව ඇත්තේ තායිලන්තයේ Ploy Panperm ය.

ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවැති විවාහක රූ රැජිණ තරගයේ දී මෙරට විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමිකරගෙන තිබුණි.

ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීමට අවස්ථාව හිමි වී ඇත.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles