23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ගොවීන්ට වන්දි ලබාදීම අද සිට

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසා තිබේ.;

පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි  පවසා ඇත.

ඒ අනුව වගා හානී සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම අක්කර 13 379ක් සඳහා අද  දිනයේ මෙම වන්දි ගෙවීම් සිදුකරන්නේ වී ගොවීන් සඳහා පමණක් බව  ඔහු  වැඩිදුරටත් අදහස් දක්වමින්  පවසා තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles