නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ පවසා ඇත.
ඔහු ඒ බව පවසා ඇත්තේ ඊයේ (28) විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් සමග කළ සාවච්ඡාවක දී ය.
ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව නියෝජිතවරයා එම සාකච්ඡාවේ දී විජිත හේරත් ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය, සාගර සමුුළුව, කාළගුණ විපර්යාස සමුළුව, සමාජයීය සංවර්ධනය පිළිබඳ වූ සමුළුව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුව ආදී මෙම වර්ෂය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමට පෙළගස්වා ඇති වැඩසටහන්වලට ශ්‍රී ලංකාවේ සක්‍රීය සහභාගීත්වය ද නියෝජිතවරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමඟ සමීපව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම නිත්‍ය නියෝජිතවරයා පැහැදිළි කර දී ඇති අතර, ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමෙහිලා නව රජය ගෙනයන වැඩසටහන්වලට තම සම්පූර්ණ සහාය දීමටත්, ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට මැදිහත්වීමටත් නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ එකඟ මෙහි දී එකඟ වී ඇත.
ශ්‍රී ලංකාවට අයත් සමුද්‍ර තීරයේ දී ඉකුත් දා බේරාගත් රෝහින්ගියා සරණාගතයන්ට ශ්‍රී ලංකා රජය සලකන ලද මානුෂිය ආකාරය පිළිබඳ මාර්ක් ඇන්ඩෘෘ සිය ප්‍රශංසාව පලකර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා මේ වසර අවසානයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහි දී දැනුම් දී තිබේ.
පසුගිය මැතිවරණවල දී ශ්‍රී ලාංකික ජනතාව ජාතිභේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට වීම ඓතිහාසික සිදුවීමක් බව විජිත අමාත්‍යවරයා මාර්ක් ඇන්ඩෘෘ වෙත පවසා ඇත.
එම විශිෂ්ඨ ජයග්‍රහණය, ශ්‍රී ලාංකික ජනතාව අතර ඇති වූ නව සහජීවනයක් ලෙස පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි කාලවල දී ජාතික ඒකාබද්ධතාවය තහවුරු වන පරිදි කටයුතු කිරීමට රජය සාධනීය පියවර ගනිමින් සිටින බව ද පැහැදිළි කර ඇත. එසේම උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම ඉදිරි කාලයේ දී තවදුරටත් සිදුකරන බව ද මෙහි දී අමාත්‍ය විජිත හේරත් අවධාරණය කර තිබේ.
තවද, ශ්‍රී ලංකා පොලීසියට බඳවාගැනීමේ දී සියලු ජාතීන් නියෝජනය වන පරිදි බඳවා ගැනීම් සිදුකිරීමට රජය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී දැනුම් දී ඇත.
ඉදිරි කාලයේ දී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන් නේවාසික නියෝජිතගෙන් අමාත්‍යවරයා ඉල්ලා ඇත.
(ජනක බලල්ල)