21.5 C
Sri Lanka
Monday, March 17, 2025

චන්ද්‍රිකා SLTB මහ පුටුවට ගෙනා “රමාල්” ඇමැති බිමල් නිසා අස්වුණාද?

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බව ද සදහන් වේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වුණත් පසුගිය ආණ්ඩු සමයේ ද ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන තනතුරෙන් ඉවත් නොකළ අතර, ඔහු සිව්වන වරටත් එහි සභාපති ලෙස පත්වී පසුගිය ඔක්තෝබර් 02 වැනි දා සිට නව රජය සමග වැඩ ආරම්භ කළේය.

1994 සිට 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී සිටි සමයේත්, 2006 සිට 2007 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ම 2015 සිට 2019 දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන සමයේත් රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීමත් සමග රමාල් සිරිවර්ධනට එම තනතුර අහිමි වූ අතර, රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ද ඔහුට එම තනතුර ලබා දී නොතිබුණි.

කෙසේ වෙතත් යළි ඔහුට හුරු පුරුදු තනතුරම ලබා දීමට අනුර කුමාර දිසානායක ජනාධිපති වීමෙන් පසු බලය හිමි වූ ජාතික ජන බලවේගය කටයුතු කළ අතර, ඒ අනුව ඔහු ආණ්ඩු කිහිපයක් සමග සිව් වතාවක් ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කර ඇත.

ඔහු ජාතික ජන බලවේගය සමග එක්වී ගම්පහ මහ නගර සභාවට අපේක්ෂයෙකු ලෙස නාම යෝජනා දී තිබුණි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles