21.5 C
Sri Lanka
Monday, March 17, 2025

“පාස්පෝට් අර්බුදය” කමිටු වාර්තාව ඇමැතිට භාර දෙයි

විදේශ ගමන්බලපත්‍ර ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දෙයි.

එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහි නිර්දේශ ප්‍රකාරව විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ දී දැනට පවතින ක්‍රමවේදය වෙනස් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් එහි දී තීරණයකට එළඹෙන බව  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.  

මේ වනවිට දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 2900 ක් පමණ නිකුත් කරන බවත්, එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ නැංවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles