හබරණ – මින්නේරිය මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් රියදුරන් දෙදෙනාද ඇතුළුව 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
අද (29) උදෑසන 11:00ට පමණ පුද්ගලික බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරින් ලංගම බස් රථයේ ගමන්කළ 12 දෙනෙකු සහ පුද්ගලික බස් රථයේ ගමන් කළ සිව්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට සහ හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි අප වාර්තා වෙයි.
තුවාලකරුවන් අතර බස් රථ දෙකෙහි රියදුරන් ද සිටින බව වාර්තා වෙයි.
පුද්ගලික බස් රථය කටුනායක සිට සිරිපුර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලික බස් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධාවන අනතුරට හේතුවන්ට ඇති බවට පොලීසිය සැකකරයි.