17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

ලොවම මවිත කරන චීන වසන්ත උදාන සැමරුම් ඇරඹෙයි

චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව මෙවරත් චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන අලංකාර සංස්කෘතික උත්සවයෙන් ආරම්භ විය.

1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරකම නව අවුරුදු උදාව වෙනුවෙන් කලාත්මක ප්‍රසංගයක් සංවිධානය කරන අතර, එය ලොව වැඩිම පිරිසක් සජීව ලෙස නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස ද වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි.

චීන වසන්ත උත්සවය ද්‍රව්‍යාත්මක නොවන ලෝක සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් පසු සමරන පළමු අවුරුදු සැමරුම මෙය වේ.

චීනයේ නව අවුරුදු උදාව වෙනුවෙන් මෙවර පැවැත්වුණ ප්‍රසංගය ලොව පුරා රටවල් 200 කට වැඩි ගණනක, මාධ්‍ය ආයතන 3000ක් පමණ විකාශය කර තිබුණි.  

මෙවර චීන වසන්ත සැනකෙළිය නැටුම්, ගැයුම්, ඔපෙරා, සටන් කලාවන් වැනි විශේෂාංග ද එක් කර තිබුණේ චීන සංස්කෘතියේ චමත්කාරය ලොවට විදහා දක්වමිනි.

(විදෙස්)

More news>>>

Latest Articles