ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වාගෙන යෑමට වත්මන් රජය අපේක්ෂා නොකරන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.
2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත මගින් සන්නද්ධ හමුදා හා ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිව යුතු තනතුරක් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඇතිකරන ලදී.
ජනාධිපතිවරයා විසින් අවස්ථාවෝචිත පරිදි යුද්ධ හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා හෝ ගුවන් හමුදාපතිවරයා අතරින් එක් නිලධරයකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කරනු ලැබිය යුතු බව පනතේ දැක්වේ.
කෙසේ වෙතත් මෙම තනතුර මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇතිකළ එකක් වන අතර, 2009 යුද්ධය අවසන් වීමෙන් පසු සරත් ෆොන්සේකා විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව ඔහු මෙම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නිලයට ප්‍රථම වරට උසස් කළේය.
අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ මෙසේ ය.
“අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යන්න. ඒ සම්බන්ධයෙන් තිබෙන වැඩ කටයුතු අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරනවා.”
(ජනක බලල්ල)